“රනිල්ට ඡන්දෙ දීලා ගමට එන්න එපා” සමාජ මාධ්‍යයෙන් මන්ත්‍රීන්ට තර්ජනය කල පිරිසක් හඳුනාගනී

අද(20) පාර්ලිමේන්තුදී පැවැත්වෙන ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීම සඳහා වන ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනාත්මකව බලපෑම් කළ පුද්ගලයන් 12 දෙනෙකු හඳුනාගෙන ඇත.
ඔවුන් සමාජ ජාල ඔස්සේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපෑම් කර තර්ජනය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම පුද්ගලයින්ගෙන් තොරතුරු ෆෙස්බුක් සමාගමෙන් මේවන විට ඉල්ලා තිබේ.
“රනිල්ට ඡන්දෙ දීලා ගමට එන්න එපා” යනුවෙන් එම පිරිස සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනාත්මකව සටහන් පළකර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙම පිරිස් අතර ගාලුමුවදොර අරගලයේ නිරත වන ලහිරු විරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි, අනුරුද්ධ බණ්ඩාර ඇතුළු සිව්දෙනෙකුද වන බව පොලිසිය අධිකරණයට වාර්තා කර තිබේ.
340 Views
Comments