පුත්තලමේ දේශපාලකයින්ගේ වැඩ වලින් පුත්තලම් බූරුවන්ටත් යන එනමං නැති වෙයි

බූරුවන් යනු පුත්තලටම ආවෙණික සත්ව විශේෂයකි.
මීට වසර ගණනාවකට ප්‍රථම සැලකිය යුතු ගහණයක් නගරය ආසන්නයේ බූරුවන් වාසය කලද මේ වන විට එයින් සැලකිය යුතු පිරිසකගේ අඩුවීමක් ඇති අතර සෙසු බූරුවන්ද කල්පිටිය ප්‍රදේශයට සංක්‍රමණය වී ඇතැයි වාර්තාවේ.
මේ වන විට සිදුවන අවිධිමත් ඉදිකිරීම් මෙන්ම කලපු ආශ්‍රිත කඩොලාන පද්ධතිය විනාශ වෙමින් යන අතර එම නිසාවෙන්ම මෙම සත්වයින්ගේ ජීවිත වලට එය දැඩි තර්ජනයක් එල්ලකොට තිබේ.
කෙසේ වුවත් මේ සඳහා දේශපාලකයින් මැදිහත්වී ජනතාව දැනුවත් කරමින් ඊට අදාළ නීති සකස් කල යුතුව ඇතත් මේ වන තෙක් ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය ඒ සඳහා උනන්දු වන බවක් පෙනෙන්නට නොමැත.
බූරුවන් පුත්තලම දිස්ත්‍රික්කයෙන් පිටට ගෙන යාමට අවසර ලබා නොදෙන අතර අහිකුණ්ඨික ජනතාවට පමණක් ඔවුන්ව රැගෙන යාමට අවසර හිමිව තිබේ.
එහෙත් ඇතැම් පිරිස් පොල් වගාවන් සඳහාද බූරුවන් යොදාගනු ලබයි.
එමෙන්ම බොහෝ කුණු කඳුවල ඇති අධික පොලිතින්ද මෙම සත්වයින්ට හානි කර වේ.
කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් නිසාවෙන් බූරුවන්ගේ ජීවිත වලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව නම් නොරහසකි.
එම නිසා දැන් හෝ අදාළ දේශපාලන බලධාරීන් මේ සඳහා මැදිහත්ව ක්‍රියා කරන්නේ නම් එය අගය කල යුතු කටයුත්තකි.
-නෙත් ගොසිප්-
315 Views
Comments