පොල්දූවේදී පැහැරගත් උණ්ඩ සමඟ සැකකරු අත්අඩංගුවට

පසුගිය 13 වන දින පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවක් අතරතුර සොරාගත් කඳුළු ගෑස් උණ්ඩ 05ක් සමඟ ඇතුලුකෝට්ටේදී සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය විසින් විරෝධතාවය විසිරුවා හැරීමට උත්සහ ගත් අවස්ථාවේ පොලිසියට අයත් ත්‍රීරෝද රථයකින් අරගලකරුවන් මෙම උණ්ඩ සොරාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
බස්නාහිර පළාත්-දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කළ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකරු 26 හැවිරිදි පුද්ගලයකු වන අතර, ඔහු අද (27) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
271 Views
Comments