ජීවිත තර්ජන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනා

තමාගේ ජීවිත වලට තර්ජන එල්ල වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අද (09) වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කර තිබේ.
එලෙස ජීවිත තර්ජන ඇතැයි පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සහ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතායි.
වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කළේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්දයට පෙර පසුගිය 13 වනදා තමාට ඉතාම අශ්ලීල ලෙස දුරකථනයෙන් බැන තර්ජනය කල බවයි.
තිලක් රාජපක්ෂ මහතා සඳහන් කළේ ජූලි 29 වනදා තමාට දුරකථන ඇමතුමක් පැමිණි අතර අගෝස්තු 19 වනදා පෙර පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතු බවට තමාට තර්ජනය කල බවයි.
340 Views
Comments