ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙදෙනෙක් අතුරුදහන්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙදෙනෙක් අතුරුදහන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙදෙනෙක් අතුරුදහන්

එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් සහ ජ්‍යේෂ්ඨ නිලධාරිනියක් අතුරුදහන් වී ඇත.

 

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ශ්‍රී ලංකා ජූඩෝ ක්‍රීඩිකාවක් සහ ජූඩෝ කණ්ඩායමේ කළමනාකාරිනියයි.

 

පෙරේදා (01) ඔවුන්ගේ පළමු වටයේ තරග ඉසව්ව පරාජය වීමත් සමග ඔවුන් මෙලෙස ශ්‍රී ලංකා කඳවුරෙන් අතුරුදහන් වී ඇති බව මූලික වාර්තා පෙන්වා දෙයි. 

 

මේ වන විටත් ඔවුන්ගේ අතුරුදහන් වීම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකාරිත්වය අදාල බලධාරීන් දැනුවත් කර තිබේ.

 

බර්මින්හැම් මෙට්‍රොපොලිටන් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

 

views

353 Views

Comments

arrow-up