AUG
02
පෙම්වතා සමග ගලබොඩ දිය ඇල්ල නැරඹීමට ගිය පෙම්වතිය සැඩ පහරට හසු වෙයි

ගලබොඩ දිය ඇල්ල නැරඹීමට පැමිණි 17 හැවිරිදි තරුණියක් සැඩපහරට හසුවී අතුරුදහන් වී තිබේ.
ඇය සිය පෙම්වතා සමග දිය ඇල්ල නැරඹීමට ගොස් ඇති අවස්ථාවේ මෙසේ සැඩ පහරට හසු වී තිබේ.
පෙම්වතා ප්‍රකාශ කර ඇත්තේ දිය ඇල්ලේ ජල පහර එක් වරම වැඩිවීමත් සමඟ සිය පෙම්වතිය ඊට ඇදවැටුණු බවයි.
අතුරුදහන් වූ තරුණිය සොයා පොලිසිය, යුද හමුදාව, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
නාවලපිටිය පොලිසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
358 Views
Comments