අද පාර්ලිමේන්තුව රැස්වෙයි

අද (27) උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද හදිසි අවස්ථාව ප්‍රකාශනය අද (27) විවාදයට ගැනීමට නියමිතය.
පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර අනතුරුව එය අනුමත කර ගැනීමට නියමිතය.
පසුගිය ජූලි 17 වන දා එවකට වැඩබලන ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ අතර ඒ සඳහා දින 14ක් ඇතුළත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොගතහොත් එය අවලංගු වී යනු ඇත.
එසේම අද (27) දිනයේ වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිතය.
241 Views
Comments