ත්‍රිරෝද රථ සඳහා නිශ්චිත පිරවුම්හලකින් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක්

සියලු ත්‍රිරෝද රථ ජුලි 31ට පෙර ළඟම පොලිස් ස්ථානයේ ලියාපදිංචි කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඒ ත්‍රිරෝද රථ සඳහා නිශ්චිත පිරවුම්හලකින් ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළ වෙනුවෙනි.
කෙසේ වෙතත් නව ක්‍රමවේදය සඳහා ත්‍රිරෝද රථ හිමියන් සිය අප්‍රසාදය පළ කර තිබේ.
අගෝස්තු මස පළමු වන දා සිට ඉන්ධන ලබා දෙන්නේ QR ක්‍රමවේදයට පමණක් වන අතර ත්‍රිරෝද රථ සඳහා නිශ්චිත පිරවුම්හලකින් පමණක් ඉන්ධන ලබාගැනීමට අවසර හිමි වන බව බලශක්ති අමාත්‍යවරයා පවසයි.
258 Views
Comments