ගුවන් යානයේ දී අත්අඩංගුවට ගත් අරගලකරු පිළිබඳ පොලීසියෙන් දැනුම්දීමක්

ඊයේ(26) සවස් කාලයේ දී කටුනායක පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අරගලකරු පිළිබඳ පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පසුගිය දිනවල කොටුව සහ ගාලුමුවදොර ප්‍රදේශවල සිදු කළ විරෝධතාවන්ට සමගාමීව ඊට සම්බන්ධ විරෝධතාකරුවන් පිරිසක් විසිනි ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් ජාතික රූපවාහිනී සංස්ථාව වෙත ඇතුළු වී එහි සජීවී ව පෙනී සිටිමින් සහ එහි විකාශන කටයුතු යම් කාල සීමාවට අත්හිටුවමින් සිදුකළ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඔහු බවයි පොලිසිය අදාල නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
අදාළ සැකකරු කුරුණෑගල වෑබඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක්.
ඔහු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයේ පසුවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
252 Views
Comments