මෙරට තේ අස්වැන්න වසර 23කට පසු අවම අගයක
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

මෙරට තේ අස්වැන්න වසර 23කට පසු අවම අගයක

මෙරට තේ අස්වැන්න වසර 23කට පසු අවම අගයක

වසර 23කට පසු වාර්තා වන අවම තේ අස්වැන්න මේ වසරේ ජූනි මාසයේ වාර්තා වී ඇති බව රුහුණු විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව මෙම වසරේ මුල් මාස හය තුළ දී තේ අපනයනය 8%කින් පහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේ මුල් මාස හය තුළ දී තේ කිලෝ ග්‍රෑම් මිලියන 130ක් අපනයනය කර තිබූ නමුත් මෙම වසරේ එම කාලය තුළ අපනයනය කර ඇත්තේ තේ කිලෝග්‍රෑම් මිලියන 125 ක් පමණයි.

මේ හේතුවෙන් තේ කර්මාන්තයේ නියැලී සිටින මිලියන 2.5 ක පමණ සේවකයන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. 

views

257 Views

Comments

arrow-up