බස් ගාස්තු මිල දර්ශනය බස් රථය තුළ ප්‍රදර්ශනය කිරීමේ තීරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

බස් ගාස්තු මිල දර්ශනය බස් රථය තුළ ප්‍රදර්ශනය කිරීමේ තීරණයක්

බස් ගාස්තු මිල දර්ශනය බස් රථය තුළ ප්‍රදර්ශනය කිරීමේ තීරණයක්

කොරෝනා වසංගතය හා ඩීසල් මිල අඩු වැඩි වීම හේතුවෙන් මෑත කාලයේ කිහිප වරක්ම බස් ගාස්තු සංශෝධනය වීම් සිදු විය.

 

මේ නිසා බස් කොන්දොස්තරවරුන් හා මගීන් අතර විවිධ ගැටලු ඇති වී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

 

ඒ ඇතැම් බස් රථ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමත් ඊට අදාළ ඉතිරි මුදල් මගීන්ට ලබා නොදීමත් නිසාය.

 

ඒ අනුව මගීන්ට බස් රථය තුළ සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන සංශෝධනය කරන ලද බස් ගාස්තු මිල දර්ශනය බස් රථය තුළ ප්‍රදර්ශනය කිරීමට තීරණය කර තිබේ.

 

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ බස් ගාස්තු මිල දර්ශනය සියලුම බස් කොන්දොස්තරවරු ලබා දීමට තීරණය කළ බවයි.

 

views

362 Views

Comments

arrow-up