වෙන්වූ බිරිඳ සමඟ විවාහ වූවාට උරණව මනාලයාගේ ගෙල කපා මරා දමලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

වෙන්වූ බිරිඳ සමඟ විවාහ වූවාට උරණව මනාලයාගේ ගෙල කපා මරා දමලා

වෙන්වූ බිරිඳ සමඟ විවාහ වූවාට උරණව මනාලයාගේ ගෙල කපා මරා දමලා

තමාගෙන් වෙන්වූ බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමඟ විවාහ වීම හේතුවෙන් කෝපයෙන් පසුවූ පුද්ගලයෙකු බිරිඳ සමඟ විවාහ වූ පුද්ගලයාගේ ගෙල කපා මරා දමා ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.

 

ඊයේ(17) මැදින් පොහෝදා අලූයම 12.15ට සිදුවූ මෙම සිද්ධියේදී ඝාතනයට ලක්ව තිබෙන්නේ කොම්පඤ්ඤවීදිය, ඩෝසන් පාරේ පදිංචිව සිටි මොහොමඩ් ෂෙයාවුදීන් නමැති 51 හැවිරිදි පුද්ගලයෙකි.

 

ඝාතනයට සම්බන්ධ 49 හැවිරිදි සැකකරු ඝාතනයට යොදාගත් පිහිය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 

සැකකරු මෙම කාන්තාව හා විවාහවී සිට ඇති අතර පසුව ඇය කාර්ති උසාවිය හරහා පළමු සැමියාගෙන් වෙන්වී තිබේ.

 

ඉන් පසුව පළමු විවාහක සැමියා මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ නිවසක සිට ඇත.

 

තම බිරිඳ තවත් පුද්ගලයෙකු සමග විවාහ වීමට යන බව සැකකරුට දැන ගැනීමට ලැබී ඇති අතර ඒ අනුව තම බිරිඳ පෙරේදා(16) මරණකරු සමඟ විවාහ දිවියට එළැඹී තිබේ. 

 

මේ සම්බන්ධයෙන් කෝපයෙන් පසුවී ඇති සැකකරු පැමිණ මරණකරු සමග බහින්බස් වී එහිදී සැකකරු මෙම අපරාධය සිදුකර ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

views

697 Views

Comments

arrow-up