මන්ත්‍රී සුරේන් රාඝවන් ශ්‍රී ලංකා කැනඩා මිත්‍ර සංගමයේ සභාති ධූරයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

මන්ත්‍රී සුරේන් රාඝවන් ශ්‍රී ලංකා කැනඩා මිත්‍ර සංගමයේ සභාති ධූරයට

මන්ත්‍රී සුරේන් රාඝවන් ශ්‍රී ලංකා කැනඩා මිත්‍ර සංගමයේ සභාති ධූරයට

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකා - කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරයට පත්වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

 

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නව වැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා(21) පැවැත්විය.

 

ශ්‍රී ලංකා - කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතාද උප සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී.ජී පොන්නම්බලම්, ඩයනා ගමගේ, ඉෂාක් රහුමාන් යන මහත්ම මහත්මීහුද තේරී පත්ව තිබේ.‍

views

724 Views

Comments

arrow-up