කුරුණෑගල විගමණික දෙමාපියන්ගේ දරුවන්ටත් ශිෂ්‍යත්ව
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

කුරුණෑගල විගමණික දෙමාපියන්ගේ දරුවන්ටත් ශිෂ්‍යත්ව

කුරුණෑගල විගමණික දෙමාපියන්ගේ දරුවන්ටත් ශිෂ්‍යත්ව

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන විගමණික දෙමාපිය දූ දරු ශිෂ්‍යත්ව වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය වයඹ පළාත් ශ්‍රවනාගාරයේදි 2023.08.27 දින පැවැත්විණි.



එහිදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ විගමණික දෙමාපිය දූ දරුවන් 180 දෙනෙක් සඳහා රුපියල් 4,640,000 ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී. මීට අමතරව විදේශ ගත රැකියාවල නියුතු විගමණික ශ්‍රමික මහත්ම මහත්මින්ගේ සහ විදේශ රැකියාවල නිරත වී නැවත මෙරටට පැමිණි විගමණික ශ්‍රමික මහත්ම මහත්මින්ගේ දූ දරුවන් 50 දෙනෙක් සඳහා පාසැල් උපකරණ ලබාදීම ද සිදුකරන ලදි.


මෙම අවස්ථාවට කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රියංකර මහතා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සුදර්ශනි මහත්මිය, ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සමාජ සංවර්ධන ) ජගත් බටුගෙදර මහතා, වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු සුදත් චාමින්ද මහතා ඇතුළු කාර්යාංශයේ නිළධාරින් පිරිසක් එක්ව සිටියහ.

views

386 Views

Comments

arrow-up