ප්‍රසංගයක් අතරතුර සිය කලිසම ගලවා පහතට දැමූ ගායකයා

රොක් සංගීත ප්‍රසංගයක් අතරතුර සිය කලිසම ගලවා පහතට දැමූ ගායකයකු උතුරු චීනයේ බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Violent Shampagne සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා මෙසේ කලිසම ගලවා ඇති බව වාර්තා වෙයි.
චීන සමාජ මාධ්‍යවල මෙම වීඩියෝ පටය ශීඝ්‍රයෙන් පැතිර යන ලදී.
සැකකරු සමාජ සදාචාරයට හානි කිරීම යන චෝදනාව මත අත්අඩංගුවට ගත් බව ඉකුත් සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් Shijiazhuang නගරයේ ප්‍රාදේශීය සංස්කෘතික කාර්යාංශය පවසා ඇත.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ සංදර්ශන සංවිධායකට ඩොලර් 28,000ක දඩයක් සහ ප්‍රසංග පැවැත්වීම අත්හිටුවා ඇති බවයි.
චීනයේ සංගීත ලෝලීන් වසර ගණනාවක් කොවිඩ් වසංගත හේතුවෙන් චීනය අගුලු දැමුණු නමුත් මෑතක දී සජීවී සංගීත සංදර්ශන නැවත ඇරඹීම ගැන පසුවූයේ දැඩි සතුටකිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පිළිගත නොහැකි, සදාචාරාත්මක සීමාවන් ඉක්මවා යන බව පෙනෙන ඕනෑම දෙයක් පිළිබඳ බලධාරින් විමසිල්ලෙන් පසුවන බවයි.
245 Views
Comments