කඳවුරු බඳින්නන්ට නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

කඳවුරු බඳින්නන්ට නිවේදනයක්

කඳවුරු බඳින්නන්ට  නිවේදනයක්

වනගත ප්‍රදේශ ආශ්‍රිතව කඳවුරු භූමි පිහිටුවීමේදී ඒ සඳහා අනුමැතිය ලැබී ඇති ස්ථානවල පමණක් එම කටයුතු සිදු කරන ලෙස සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, පිළිගත් සංචාරක මග පෙන්වන්නන්ගේ සහාය  ලබා ගැනීම වඩාත් ආරක්ෂාකාරී සංචාරක ගමනාන්තයක් සඳහා  හේතුවන බවයි.

දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් සඳහා කඳවුරු බිම් පවත්වාගෙන යාම ඇතුළු සංචාරකයින්ට පහසුකම් සපයන සියලු ස්ථාන ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

views

230 Views

Comments

arrow-up