APR
20
සැමියාගේ කෲර ප්‍රහාරයෙන් බිරිඳ මියගිය හංවැල්ලේ ඛේදවාචකය

බිරිඳට පහර දී ඝාතනය කළ සැමියෙකු හංවැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
මෙසේ පහරකෑමෙන් මියගොස් ඇත්තේ හංවැල්ල, ඉරිදා පොළ, තුම්මෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක් වන කාන්තාවකි.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ ඇය අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර, ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ (19) දිනයේ දී මියගිය බව පොලිසිය සඳහන් කර සිටී.
322 Views
Comments