APR
13
තවත් ආනයනික බිත්තර ලක්ෂ 10ක් අද මුදාහැරේ

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් රේගුවෙන් මුදා හැරීම සඳහා අද (13) අනුමැතිය ලබාදුන් බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසා සිටී.
එම බිත්තර බෙදාහැරීම් අද පස්වරු 4.00 සිට ආරම්භ කර බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඉන්දියාවේ සිට ආනයනය කළ තුන්වන බිත්තර තොගය මෙය වන අතර මහා පරිමාණ බේකරි සහ හෝටල් වෙත ඒවා බෙදා හරින බව සඳහන් වේ.
257 Views
Comments