විපක්ෂ නායකවරයාගේ අලුත් අවුරුදු පණිවුඩය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

විපක්ෂ නායකවරයාගේ අලුත් අවුරුදු පණිවුඩය

විපක්ෂ නායකවරයාගේ අලුත් අවුරුදු පණිවුඩය

2023 අප්‍රේල් 14 වැනිදාට උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ, පසුගිය කාලය තුළ ගත කළ අඳුරු කාලය අවසන් කිරීමට සියලු ශ්‍රී ලාංකිකයන් අධිෂ්ඨාන කර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටී.

 

 

ස්වයංපෝෂිතභාවය මත පදනම් වූ ආර්ථික ක්‍රමයක් තිබූ ශ්‍රී ලංකාව මේ වන විට කඳුළු සලන දේශයක් බවට පත්ව ඇති අතර මිනිසුන්ට සතුටින් සාමයෙන් නව වසර සැමරීමට තිබූ අවස්ථාව අභියෝගයට පත්ව ඇති බව විපක්ෂ නායකවරයා පවසා තිබේ.

 

 

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සාධාරණ ගුණධර්ම හා සාරධර්මවල බීජ වපුරන මංගල්‍යයක් මෙන්ම ජාතික සංහිඳියාව ඇති කරන උත්සවයක් බැවින් ජනතාවට මෙවර උදා වන නව වසර වෙනුවෙන් සුභ ප්‍රාර්ථනා එක් කරන බව ඒ මහතා සිය සුභ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත.

views

228 Views

Comments

arrow-up