කුඩු සලිඳුගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් වූ පෙත්සම විභාගයට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින සලිදු මල්ෂික හෙවත් කුඩු සලිඳුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා ජූනි මස 21 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ නියම කර ඇති බව වාර්තා වේ.
මෙම පෙත්සම අද (06) අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කර ඇති බව සඳහන් වේ.
මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින කුඩු සලිදුගේ ජීවිතයට දැඩි අවදානම් සහගත තත්ත්වයක් පවතින බවට පවසමින් නීතිඥවරයෙකු මාර්ගයෙන් මෙම පෙත්සම ගොනුකර තිබිණි.
ඔහුගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇති බව සදහන් වේ.
213 Views
Comments