අගමැතිවරයාගේ නව අවුරුදු සුබපැතුම
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

අගමැතිවරයාගේ නව අවුරුදු සුබපැතුම

අගමැතිවරයාගේ නව අවුරුදු සුබපැතුම

අනාගත පරපුරට දුෂ්කරතා ඇති නොවීමට වග බලා ගැනීම සඳහා නව සංකල්පවලින් පොහොසත්ව සිංහල - දෙමළ අලුත් අවුරුද්ද ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

 

 

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකිකයන්ගේ වැදගත්ම සංස්කෘතික උත්සවය වන අතර එකම නැකතකදී එකට එක්ව චාරිත්‍ර අනුගමනය කරන ලෝකයේ වෙනත් කිසිදු රටක් නොවීම ශ්‍රී ලාංකිකයන් ලෙස අපට අභිමානයක් බව ඒ මහතා පවසයි.

 

 

මීට අමතරව මේ වසරේ රට මුහුණ දී ඇති ආහාර හා ආර්ථික අර්බුදය හමුවේ ඒ අපේක්ෂාව ඉටු කරමින් රට සහලින් සරු කිරීමට අපේ ගොවි ජනතාව ගත් උත්සාහය මේ අලුත් අවුරුද්දේ කෘතවේදීව සිහිපත් කළ යුතු බවද ඔහු සඳහන් කර තිබේ.

 

 

වසංගත, ආර්ථික හා සමාජීය අර්බුද ඇතුළුව පසුගිය වසර කිහිපය අපට සිතන්නට බොහෝ දේ ලබා දී ඇති බවත් නැවත එවැනි කාලයක් නිර්මාණය නොවන ලෙස නව වසර ආරම්භ කළ යුතු බවත් ඔහු සිය අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

views

283 Views

Comments

arrow-up