කබ්රාලුත් නූලෙන් බේරෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

කබ්රාලුත් නූලෙන් බේරෙයි

කබ්රාලුත් නූලෙන් බේරෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (06) තීන්දු කළේය.

 

අජිත් නිවාඩ් කබ්රාල්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පැමිණිලිකරු විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.

 

ඒ අනුව අදාළ පැමිණිල්ල නිෂ්ප්‍රභ කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා විසින් සඳහන් කරන ලදී.

 

2006 වසරේ සිට 2015 වසර දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින්, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ගෙවීම, ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව පවසමින් ඇමරිකානු ඔත්තුකරුවෙකු වූ ඉමාඩ් සුබේරි නැමැත්තාට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුදල් ගෙවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් කබ්රාල්ට එරෙහි ව මෙම පුද්ගලික පැමිණිල්ල දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කර තිබුණි.
 

views

238 Views

Comments

arrow-up