තෙල් සංස්ථාව විකිණීම පිටුපස දේශපාලනයේ රහස් කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

තෙල් සංස්ථාව විකිණීම පිටුපස දේශපාලනයේ රහස් කතාව

තෙල් සංස්ථාව විකිණීම පිටුපස දේශපාලනයේ රහස් කතාව

ඇමතිවරයා සහ ආණ්ඩුව කොමිස් ගැසීමේ අරමුණින් කිසිදු මුදලක් අය නොකොට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුන්වන පාර්ශ්වයකට පවරා දීමට සැරසෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා කියා සිටී.

 

මෙය විකිණීමක් හෝ ප්‍රතිව්‍යුහගත කිරීමක් නොව අමු අමුවේ මංකොල්ලකෑමක් බව කියා සිටින ඒ මහතා, අද වන විට හමුදාව සහ පොලිසිය යොදවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරමින් සිටින බවද කියා සිටී.

 

එසේම, අද වන විට ඇමතිවරයා විසින් වෘත්තීය සමිති නායකයන් වලකට දමා සිරකොට ‘සැපද’ කියා අසන තත්ත්වයකට පත්ව ඇති බවත් කියා සිටින ඒ මහතා මෙම අසාධාරණයට එරෙහිව එක් වන්නැයි සියළු පාර්ශ්ව වෙතින් ඉල්ලීමක් කර සිටී.

views

224 Views

Comments

arrow-up