කොරළවැල්ලේ දෑත් කැපූ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් අයෙක් රිමාන්ඩ්

මොරටුවේ කොරළවැල්ලේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකුගේ මැණික්කටුව ආසන්නයෙන් දෑත් කපා රැගෙන යාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ ඔහුට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු, ඊයේ මොරටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.
ප්‍රධාන සැකකරු පසුගිය 24 වන දා නීතීඥයකු මාර්ගයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් පසුව පැය 48 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව, මෙම සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබ ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධියට යොදා ගත් කඩුව එගොඩ උයන, මෝසෙස් පාරේ වෙරළ තීරයේ ගල්පර අතර සඟවා තිබියදී ඊයේ සොයාගෙන තිබූ බව සඳහන් වේ.
226 Views
Comments