දෙනෝදාහක් යන පාරේ මහ දවල් වෙඩි තබා මිනී මරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

දෙනෝදාහක් යන පාරේ මහ දවල් වෙඩි තබා මිනී මරයි

දෙනෝදාහක් යන පාරේ මහ දවල් වෙඩි තබා මිනී මරයි

මොරටුව, කටුබැද්ද බණ්ඩාරනායක හන්දිය ආසන්නයේදී අද(29) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ ලිලන්ත කුමාර සිල්වා නොහොත් උක්කුවා සහ මොහොමඩ් උවයිස් මොහොමඩ් සකීඩ් අර්පත් නැමැති පුද්ගලයින් දෙදෙනෙකි.

 

ඔවුන් කුඩා ප්‍රමාණයේ වෑන් රථයකින් ගමන් කරමින් සිටියදි මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත. 

 

එක් අයෙකු සිර දඬුවම් නියමව සිටියදී නිදහස ලබා පැමිණ ඇත්තේ මීට මාසයකට පමණ පෙරය.

 

වෙඩික්කරුවන් පැමිණි ආකාරය ගැන මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බව පොලිසිය පවසයි. 

views

328 Views

Comments

arrow-up