NOV
05
ලංගම දිනක ආදායම කෝටි 6 දක්වා ඉහළට

කොවිඩ් හේතුවෙන් පාඩු ලබමින් සිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මේ වන විට දිනක ආදායම රුපියල් කෝටි 6 දක්වා වර්ධනය වී තිබේ.
සාමාන්‍ය දිනවල දිනක ආදායම රුපියල් මිලියන 75ත් 80ත් අතර අගයක් වාර්තා වූ අතර, ආසන ගණනට මගීන් ගෙන යමින් දීර්ඝ කාලයකට පසුව මේ ආදායම ලැබීම යහපත් වර්ධනයක් බව එහි ධාවන අධිකාරි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය.
664 Views
Comments