කල් පැන්න කසල තේ ඇතුලු භාණ්ඩ ගබඩාවක් ආදුරුප්පුවීදියෙන් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

කල් පැන්න කසල තේ ඇතුලු භාණ්ඩ ගබඩාවක් ආදුරුප්පුවීදියෙන් අල්ලයි

කල් පැන්න කසල තේ ඇතුලු භාණ්ඩ ගබඩාවක් ආදුරුප්පුවීදියෙන් අල්ලයි

කොළඹ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ වෙළෙඳ භාණ්ඩ ගබඩාවක තිබූ කල්ඉකුත්වූ භාණ්ඩ යැයි සැක සහිත කසල තේ සහ රූපලාවණ්‍ය භාණ්ඩ ඇතුලු‍ භාණ්ඩ තොගයක් පොලිසිය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පරීක්‍ෂාකර එම ගබඩාවට මුද්‍රා තැබූ බව පොලිසිය සඳහන් කළේය.

 

එම ගබඩාව තුළ තිබී චීනය සහ කුවේට් යන රටවල් වලින් ආනයනය කරනු ලැබු රූපලාවණ්‍ය භාණ්ඩ, චොකලට් වර්ග, එනසාල්, ඔක්සිමීටර් සහ කසල තේ, ඇතුළු වෙළඳ භාණ්ඩ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් පරීක්‍ෂා කළ බවත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් එම භාණ්වල සාම්පල ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා රැගෙන ගිය බවත් පොලිසිය පවසයි.

 

ආදුරුප්පුවීදිය පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් කොළඹ මධ්‍යම කොට්ඨාශයට ලැබුණු තොරතුක් මත මෙම මෙහෙයුම සිදුකර තිබේ.

views

693 Views

Comments

arrow-up