මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
22

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

මහජන සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීම සඳහා ජනාධිපතිවරයා  විසින් විශේෂ ආඥාවක් නිකුත්කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(22) දැනුම් දුන්නේය.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ආඥාව නිකුත් කර ඇත්තේ  40 වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවය.

 

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  සභාවේ කටයුතු ආරම්භයේදී ජනාධිපතිවරයාගේ මෙම ආඥාව පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(22) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්විය.

views

713 Views

Comments

arrow-up