දුරකථනයෙන් නිතර කතා කළැයි අනියම් බිරිඳ ඝාතනය කර සිරුර මත මල් කළඹක් තබා අනියම් පුරුෂයාත් ගෙල වැළලා ගනී

ඌරගස්මංහන්දිය, කොරකීන ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කොට ඇගේ මෘත ශරීරය මත මල් කළඹක් තබා ඝාතනය සිදුකල මියගිය කාන්තාවගේ අනියම් පුරුෂයාද ඒ අසලම ගෙල වැළලා ගෙන සියදිවි නසා ගැනීමේ සිදුවීමක් පිළිබඳව ඌරගස්මංහන්දිය පොලිසිය පරික්ෂණ අරඹා ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ ඌරගස්මංහන්දිය කොරකීන ප්‍රදේශයේ පදිංචි ඉලූඹ විතානගේ නිල්මිණි නැමැති 38 හැවිරිදි දෙදරු මවකි.
එම ලිපිනයේම පදිංචි ඉලන්දාරිදේව නිහාල් රවීන්ද්‍ර නමැති 39 හැවිරිදි එක්දරු පියෙක් සියදිවි නසාගෙන ඇත.
මොවුන් දෙදෙනාම මීට පෙර විවාහවී විවාහයෙන් වෙන්වී ඇති අයවලුන් බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.
දැනට මාස දෙකකට පෙර ඝාතනයට ලක්වූ කාන්තාව විදේශ රටක සේවයකර ලංකාවට පැමිණ තිබේ.
ඇය විසින් නිතරම ජංගම දුරකතනයෙන් කතා කිරීම පිළිබඳව අනියම් පුරුෂයා විසින් රණ්ඩු ඇති කරගෙන ඇති බවත් දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණයවී ඇත.
සිද්ධිය සිදුවූ ස්ථානයේ ඊයේ(21) ස්ථාන පරීක්ෂණයට ගිය ඇල්පිටිය මහෙස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා සිද්ධිය සම්බන්ධයෙන් පී. සී. ආර්. පරීක්ෂණයක් කොට අනතුරුව පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.
2379 Views
Comments