මත්ද්‍රව්‍ය ගත් රියදුරන් අල්ලන්න නව උපකරණ පොලිසියට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

මත්ද්‍රව්‍ය ගත් රියදුරන් අල්ලන්න නව උපකරණ පොලිසියට

මත්ද්‍රව්‍ය ගත් රියදුරන් අල්ලන්න නව උපකරණ පොලිසියට

ගතවූ දශකය තුළ රිය අනතුරු හේතුවෙන් මෙරට පුද්ගලයින් 27,000ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ තිස් වසරක යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාවටද වඩා එම මරණ ගණන වැඩි බවයි.

 

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම මෙම අනතුරු බොහොමයකට හේතු වී ඇති බව සොයා ගෙන ඇති අතර  ඒවා හඳුනාගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ මේ වන තෙක් පොලිසිය සතුව නොතිබුණි.

 

අමාත්‍යවරයා සඳහන් කළේ හැකි ඉක්මනින් එම උපකරණ මෙරටට ගෙනවිත් ඒවා නීතියට ඇතුළත් කර එවැනි මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.

views

797 Views

Comments

arrow-up