පාන්පිටි මිලත් ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
08

පාන්පිටි මිලත් ඉහලට

පාන්පිටි මිලත් ඉහලට

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කලේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් වැඩි කරන බවයි.

 

ඒ, අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

 

ඊයේ රාත්‍රියේ පැවති විශේෂ කැබිනට් මණ්ඩලයේදී පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ භාණ්ඩ අතරට තිරිඟු පිටිද අයත්.

 

ගෑස්, කිරිපිටි සහ සිමෙන්තිවල පාලන මිල ඉවත් කිරීමටද එහිදී ඒකමතික අනුමැතිය හිමිවුණා.

 

 එහෙත් එම භාණ්ඩවල මිල ගණන් වැඩිවීම සම්බන්ධයෙන් අද පස්වරුවේ තීරණය කරන බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ.

 

කෙසේවෙතත් ජනාධිපතිවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ පාලන මිල ඉවත් කළ භාණ්ඩවල මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් එහිදී කිසිදු සාකච්ඡාවක් නොවූ බවයි.

views

602 Views

Comments

arrow-up