දුම්රිය ලබන 15දා සිට සුපුරුදු ලෙස
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
08

දුම්රිය ලබන 15දා සිට සුපුරුදු ලෙස

දුම්රිය ලබන 15දා සිට සුපුරුදු ලෙස

සෞඛ්‍ය උපදෙස් මත දැනට තාවකාලිකව නතර කර ඇති දුම්රියන් මේ මස 15දා සිට යළි ධාවනයට එක්කිරීමට සුදානමින් සිටින බව දුම්රිය ප්‍රවාහන සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කර සිටිනවා.

 

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු පවසා ඇත්තේ ඒ සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් බලාපොරොත්තු වන බවයි.

 

” කාර්යාල දුම්රියන් වැඩි ප්‍රමාණයක් හඳුන්වලා දීමට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම කුරුණෑගල, පානදුර, වේයන්ගොඩ දුම්රිය ස්ථාන සිට අර්ධ ශීඝ්‍රගාමී කාර්යාල දුම්රියන් හඳුන්වලා දීලා තියෙනවා.

 

සාමාන්‍යයෙන් දැනට තිබෙන දුම්රියවලින් මගීන් විසිපන්දහසකට පමණයි ආසන ගතව දුම්රියෙන් කොළඹට පැමිණීමට හැකියාව තිබෙන්නේ. එම සීමා යටතේ තමයි අපිට සේවය සපයන්න වෙන්නේ.” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

 

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා මේ බැව් කියා සිටියේ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මාර්ග පද්ධතිය සහ දුම්රිය ස්ථානවල කරන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහනුවර සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් කරමින් සිටින අවස්ථාවේ හැටන් දුම්රිය ස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමට පැමිණි අවස්ථාවේදීයි.

views

778 Views

Comments

arrow-up