අගමැතිවරයාගේ දේශපාලන පරිනතභාවයෙන් ප්‍රයෝජන ගත යුතුයි - ජනපති
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
08

අගමැතිවරයාගේ දේශපාලන පරිනතභාවයෙන් ප්‍රයෝජන ගත යුතුයි - ජනපති

අගමැතිවරයාගේ දේශපාලන පරිනතභාවයෙන් ප්‍රයෝජන ගත යුතුයි - ජනපති

ජනාධිපතිවරයා සහ කැබිනට් අමාත්‍යවරුන් අතර විශේෂ හමුවක් ඊයේ සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

 

මෙම හමුවේ මූලික අරමුණ වූයේ, පසුගිය වසර දෙකකට අධික කාලය තුළ සිදු කෙරුණු පාලනය පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කිරීම සහ ඉදිරි කාලය පිළිබඳ සැලසුම් සාකච්ඡා කිරීමයි.

 

මෙම විශේෂ කැබිනට් රැස්වීමේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ වන කිරිපිටි, පාන් පිටි, සිමෙන්ති, ගෑස් ඇතුළු තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක මිල ගනන් ඉහළ යාම සම්බන්ධයෙන් මෙන්ම වැඩි වන ජීවන වියදම පිලිබඳවත් දැඩි වාද විවාද ඇති වූ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

 

දීර්ඝ ව සිදුකෙරුණු මෙම කරුණු දැක්වීම්වලින් අනතුරුව ජනාධිපති ප්‍රමුඛ අමාත්‍යවරුන් තීරණය කළේ ගෑස්, කිරිපිටි, සිමෙන්ති සහ පාන් පිටි සඳහා පවතින පාලන මිල ඉවත් කිරීමටයි.

 

එලෙස කිරීමෙන් මේ වනවිට වෙළඳපොළේ දැඩි හිඟයක් මතු වී ඇති අදාළ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය පහව යනු ඇති බවට අමාත්‍යවරුන් විශ්වාසය පළ කළා.

 

එහිදී අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට පවසා ඇත්තේ ‍අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පරිණත දැනුමෙන් සහ අත්දැකීම්වලින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගත යුතු බවයි.

 

මේ වනවිට ආසියාවේ සිටින පළපුරුදු සහ පරිණත දේශපාලනඥයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බවත් ඔහුගේ දැනුම සහ අවබෝධය රටේ දියුණුවට වඩ වඩාත් භාවිත කළයුතු සමය එළඹී ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍යවරුන්ට පවසා තිබෙනවා.

 

එයට ප්‍රතිචාර දැක් වූ අමාත්‍යවරුන් ද පවසා ඇත්තේ, අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් සහ දැනුම ඉදිරි සංවර්ධන කටයුතු සහ රටේ ඉදිරි තීරණ ගැනීමේදී වැඩි වැඩියෙන් භාවිත කළ යුතු බවටයි.

views

863 Views

Comments

arrow-up