මිය ගිය සෑම රණවිරුවකු සඳහාම ගසක් සිටුවීමේ වැඩසටහනක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
22

මිය ගිය සෑම රණවිරුවකු සඳහාම ගසක් සිටුවීමේ වැඩසටහනක්

මිය ගිය සෑම රණවිරුවකු සඳහාම ගසක් සිටුවීමේ වැඩසටහනක්

30 වසරක් පුරා පැවති යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහිපත් කිරීම සඳහා "සෑම රණවිරුවෙක් සඳහාම ගසක්" යන සංකල්පය යටතේ රුක් රෝපණ වැඩසටහනක් ත්‍රිවිධ හමුදාව සහ යුද්ධයේදී මියගිය රණවිරු පවුල්වල සාමාජිකයන් එක්ව සැලසුම් කර තිබෙනවා.

 

මෙම වැඩසටහන ඉපලෝගම රක්ෂිතයේදී ලබන සෙනසුරාදා ආරම්භවීමට නියමිත අතර  එහිදී අක්කර 80.5ක් පුරා පැළ 25,930ක් රෝපණය කිරීමට සැලසුම් කර තිබේ.

 

මෙලෙස රෝපණය කෙරෙන්නේ  කළුවර, බුළු, මැයි මාර, මිල්ල, ඇහැළ, සියඹලා, දොඹ, කොහොඹ, කරඳ, කුඹුක්,මී,ඇත්දෙමට,හල්මිල්ල, බුරුත,කෝන්,මයිල යන ශාක වර්ග වීමද විශේෂත්වයකි.

views

719 Views

Comments

arrow-up