බසය වෙළේ - 13ක් රෝහලේ

මාතලේ සිට සැලගම දක්වා ගමන්කල් පෞද්ගලික බස් රථයක් මාතලේ ගොලැන්හෙන්වත්ත ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන වෙළකට පෙරළිමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබවන් මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සිදුවීමෙන් තුවාල ලැබු අයගේ තත්වය බරපතල නොවන බව පොලිසිය සඳහන් කරයි.
මාතලේ පලාපත්වල දෙසට ගමන්ගත් වාහනයකට ඉඩදිමට යාමේදී මෙම අනතුරු සිදුව ඇති බව අනාවරණය වි තිබේ.
තුවාල ලැබුවන් අතර වයස අවුරුදු තුනක වන දරුවෙකුද සිටින බවද පොලිසිය පවසයි.
බස් රථයට දැඩි අලාභානි සිදුව ඇති අතර මහවෙල පොලිසියේ රථවාහන අංශය සිද්ධිය පිළිබදව වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.
734 Views
Comments