රසායනික පලිබෝධනාශක 4ක් ගෙන්වන්න මහින්දානන්ද අවසර ඉල්ලයි

තෝරා ගත් බෝග කිහිපයක් සඳහා අවශ්‍ය වන පළිබෝධ නාශක වර්ග 4ක් මෙරටට ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා තිබෙනවා.
මෙලෙස ආනයනය කිරීමට අවශ්‍ය දිලීර නාශක සහ පළිබෝධ නාශක වර්ග මේ වන විට ලයිස්තු ගත කරමින් පවතිනවා.
අල සහ ලූනු වැනි බෝග වල ව්‍යාප්ත වන රෝග සඳහා කාබනික විසඳුම් නොමැති හෙයින් එවැනි රෝගයක් පැතිර ගිය අවස්ථාවක දී භාවිතයට ගැනීම සඳහා අවශ්‍ය වන ආරක්ෂක තොගයක් ලෙස මෙම පලිබෝධ නාශක තබාගැනීමටයි සැලසුම් කර ඇත්තේ.
855 Views
Comments