ලෝක ආඝාත දිනය අදයි

ලෝක ආඝාත දිනය අදට යෙදී ඇත.
ආඝාත රෝගය වළක්වා ගත හැකි අතර එම රෝගය සඳහා ප්‍රතිකාර කිරීමෙන් සුව කළ හැකි බවත් ඒ සඳහා ලෝකයේ සිටින කාන්තාවන් වැඩි වශයෙන් ආඝාත රෝගයට ගොදුරු වන බවත් ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය උදය රණවක මහතා පවසයි.
“ලෝක ජනගහණයෙන් හයෙන් එකකට ආඝාත රෝග තත්වය සෑදි තිබෙනවා.
ලෝක ජනගහනයෙන් තත්පර දෙකකට වරක් පුද්ගලයෙකුට ආඝාත රෝගය වැළඳෙනවා.
තත්පර 6කට වරක් පුද්ගලයෙකු ආඝාත රෝගයෙන් මිය යනවා.
ආඝාත රෝගයෙන් මිය යන්නන් අතර කාන්තාවන් මිය යෑමේ සම්භාවිතාව ඉහළ යි.
පුද්ගලයෙකු මරණයට පත්වන ප්‍රධාන රෝගයන් අතර දෙවන රෝගය වන්නේ ආඝාත රෝගයයි.
පළමු රෝගය වන්නේ හෘද රෝගයයි.
ලෝකයේ පුද්ගලයන් ආබාධිත තත්වයට පත් කරන ප්‍රධාන රෝගය වන්නේ ආඝාතය යි.
ඉලක්කගත ඉක්මණ් ප්‍රතිකාර මඟින් ආඝාතයෙන් අහිමි වන මරණ සංඛ්‍යාව අඩු කරගත හැකියි.
ලෝක අඝාත දිනයට සමඟාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.
796 Views
Comments