ලක්ෂ සියයක දේපළ විනාශ කළ බන්ධනාගාරයේ උද්ඝෝෂණය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

ලක්ෂ සියයක දේපළ විනාශ කළ බන්ධනාගාරයේ උද්ඝෝෂණය

ලක්ෂ සියයක දේපළ විනාශ කළ බන්ධනාගාරයේ උද්ඝෝෂණය

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ රැඳෙවියන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයකින් එහි ගොඩනැගිලිවලට දැඩි ලෙස අලාභ හානි සිදුව ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කලේය.

 

මෙම උද්ඝෝෂණය බන්ධනාගාරයේ චැපල් අංශයේ වහළ මත නැග සිදුකර තිබුණි.

 

රැඳවියන් 54 දෙනෙක් පමණ ඒ සඳහා එකතු වී තිබූ අතර ඔවුන්ව බිමට බස්සවා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකිවිය.

 

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියා සිටියේ ඉන් සිදුව ඇති අලාභ හානිය රුපියල් කෝටියක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි.

 

උද්ඝෝෂණයට එක්වූ රැඳවියන්ව බූස්ස බන්ධනාගාරය වෙතට මාරුකර යැවීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

views

679 Views

Comments

arrow-up