කොළඹ මහල් නිවාස සංකීර්ණ කිහිපයක් කඩා වැටීමේ අවදානමක

කොළඹ නගර සභා සීමාවේ රජයේ මහල් නිවාස සංකීර්ණ 8ක් දැඩිව අබලන්වීම නිසා එම නිවාසවල පදිංචි ජනතාවගේ ජීවතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව ජාතික ගොඩනැගිලි පරීක්‍ෂණ ආයතනය පවසයි.
එම නිවාස සංකීර්ණ කඩා ඉවත්කිරීමට යෝජනා කර ඇති බවද ජාතික ගොඩනැගිලි පරීක්‍ෂණ ආයතනයේ නිලධාරීයෙක් පැවසීය.
මෙලෙස අවදානම් තත්වයට පත්ව ඇත්තේ වෑකන්ද මහල් නිවාස ව්‍යාපෘතිය, බම්බලපිටිට නිවාස ක්‍රමය, වේල්ස් කුමාර මාවත නිවාස ක්‍රමය, සිරිධම්ම මාවත නිවාස ක්‍රමය, කම්කරුපුර මහල් නිවාස ක්‍රමය, බී36 මාලිගාවත්ත නිවාස ක්‍රමය, එම නිවාස සංකීර්ණයේ ජී. එච්. ජේ. කේ. එම්. සහ එන්. යන නිවාස සහ මිහිඳු මාවත නිවාස ක්‍රමය යන නිවාස සංකීර්ණය.
මෙම අවදානම් තත්වයට පත්ව ඇති එම නිවාස යෝජනා ක්‍රමවල පාලන අධිකාරිය වන සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය එම නිවාස සංකීර්ණ කඩා ඉවත්කිරීමට නිවාස අමාත්‍යංශයට යෝජනා කර ඇති බවත් වාර්තා වේ.
338 Views
Comments