වැඩබලන මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

වැඩබලන මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

වැඩබලන මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ දේශීය ණය ප්‍රශස්ත කිරීමේ වැඩපිළිවෙල මෙතෙක් අවසන් කර නොමැති බවයි.

 

 

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ බැංකු සහ මුල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කිරීමට රජය පුර්ණ වශයෙන් කැපවී සිටින බවයි.

 

 

 

නිගමනයකින් තොරව සිදුකරන ප්‍රකාශ මඟින් වෙළෙඳපොළ විශ්වාසය බිඳවැටෙනු ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

 

 

අමාත්‍යවරයා සිය ට්ව්ටර් ගිණුමේ සටහන් කර තිබුණේ ඒ පිළිබඳව වගකීම් සහගතව ප්‍රකාශ නිකුත්කිරීම සිදුකළ යුතු බවයි.

 

 

 

ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයන්තනය සම්බන්ධයෙන් ද්විපාර්ශික ණයහිමියන් සමඟ ප්‍රගතියක් ළඟා කරගෙන ඇති අතර ඒ පිළිබඳ හිතකර එකඟතාවන්ට පැමිණීමට බලාපොරොත්තු වන බවයි.

 

 

views

275 Views

Comments

arrow-up