වයස අවුරුදු 11ක දරුවක් කළුතර වෙරළේ අතරමං වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

වයස අවුරුදු 11ක දරුවක් කළුතර වෙරළේ අතරමං වෙයි

වයස අවුරුදු 11ක දරුවක් කළුතර වෙරළේ අතරමං වෙයි

කළුතර කැලිඩෝ වෙරළ තීරයට දියනෑමට වැඩිමහල් පුද්ගලයින් සමග පැමිණි වයස අවුරුදු 11ක දරුවකු වෙරළේ තනි වී සිටියදී කළුතර දකුණ පොලීසිය වෙත භාර දී තිබේ.

 

 

එම දරුවා ඊයේ (17) උදෑසන වැඩිමහල් පුද්ගලයින් කිහිපදෙනෙක් සමග දියනෑමට පැමිණ සවස් වනතුරු වෙරළේ රැඳී සිටින අයුරු කළුතර දුම්රිය අසල සිටි ත්‍රිවිල් රියදුරන් විසින් දැක ඇත.

 

 

පසුව දරුවාව කළුතර දකුණ පොලීසිය වෙත භාර දීමට ඔවුන් කටයුතු කර ඇත.

 

 

අදාළ දරුවා පිළිබඳ මුළු දවස පුරාම ඔවුන් දැඩි අවධානයෙන් සිටි බව එම ත්‍රීවිල් රියදුරන් ප්‍රකාශ කරසිටියේය.

 

 

 

දරුවා වෙරළ තීරයේ අඳුර වැටී තිබිය දී තනිව සිටිනු දැක තිබු අතර රාත්‍රී 7 පමණ වන තුරුත් දරුවා වෙරළේ එහෙ මෙහෙ තනිව ගමන්කරමින් සිට ඇත.

 

 

 

එම අවස්ථාවේ දී දරුවාව බීමතින් සිටි පුද්ගලයෙකු රැගෙන යෑමට උත්සාහ ගැනීමත් සමග ත්‍රීවිල් රියදුරන් දෙදෙනෙක් එම පුද්ගලයාගෙන් දරුවා මුදාගෙන පොලීසියට භාරදී ඇති බව සඳහන් වේ.

 

 

 

ඊයේ (17) රාත්‍රියේ මෙම දරුවාගේ අනන්‍යතාවය තහවුරු කොට කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් සමඟ එම දරුවාගේ දෙමාපියන් වෙත භාරදීමට  කටයුතු කර තිබුණි. දකුණු කළුතර පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත එලෙස ක්‍රියා කර තිබුණි.

 

 

අතරමං වූ දරුවා බොලොස්සගම උක්වත්ත ප්‍රදේශයේ පදිංචි දරුවකු බවට වාර්තා වී ඇත.

 

 

views

334 Views

Comments

arrow-up