ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව

ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව

සැලසුම් කළ පරිදි අද (14) දිනය තුළද වර්ජනයේ නිරත වන බව වෘත්තිකයන්ගේ වෘත්තිය සමිති ප්‍රකාශ කර සිටියි.

 

ජනාධිපති‍ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග ඊයේ (13) දින රාත්‍රියේ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතියක් පැවතිය ද වෘත්තිය ක්‍රියාමාර්ග අත්හිටුවීමට එය ප්‍රමාණවත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කරයි.

 

ඒ අනුව අද දිනය තුළ මධ්‍යම, සබරගමුව, උතුර, උතුරු මැද සහ ඌව පළාත්වල වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කර සිටියි.

 

මේ අතර අදාල සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගෙන් අවසන් තීරණයක් නොලැබුණු බැවින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළේය.

 

ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා සඳහන් කළේ බැංකු සේවකයින් අද දහවල් ලේක්හවුස් වටරවුමේ සහ ප්‍රධාන නගරවල විරෝධතාවක නිරත වන බවයි.

views

303 Views

Comments

arrow-up