රුපියල් බිලියන 15ක් වටිනා මත්කුඩු අත්අඩංගුවට

2021 වර්ෂයේදී සිදුකළ මෙහෙයුම් වලින් රුපියල් බිලියන 15කට අධික මත්ද්‍රව්‍ය තොග නාවික හමුදාව භාරයට ගෙන ඇත.
සෙසු බුද්ධි අංශ සමඟ එක්ව මෙරට මුහුදු සීමාවේදී මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදුකළ වැටලීම්වලින් එම මත්ද්‍රව්‍ය සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.
එම මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,268 කට අධික තොගයක් සමග විදෙස් ජාතිකයින් ඇතුළු සැකකරුවන් 141 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත.
එමෙන්ම කේරළ ගංජා කිලෝග්‍රෑම් 7,095 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 158ක්, හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 88ක් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොග සමඟ සැකකරුවන් 327 දෙනෙකු පමණ 2021 වසර තුළ සිදුකළ මෙහෙයුම්වලදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
733 Views
Comments