විදුලිය බිඳවැටීම ගැන ජොන්ස්ටන් පරීක්ෂණයක් ඉල්ලයි

පාර්ලිමේන්තුවේ විදුලිය ඇනහිටීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී පරීක්ෂණයක් පවත්වන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (3) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
පාර්ලිමේන්තුවේ විදුලිය පාලනය කරනු ලබන්නේ විදුලි බල මණ්ඩලය විසිනැයි පැවසූ ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ විදුලිය පාලන කටයුතු වෙනම ඉංජිනේරුවරයකු යටතට පත් කරන්නැයි ඉල්ලිමක් කරන බවද ප්‍රකාශ කළේය.
713 Views
Comments