විනෝද වීමට ගිය සා.පෙළ සිසුවා අවසන් ගමන් යයි

කුඹුක්කන් ඔයේ ගිලීමෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින වයස අවුරුදු දාහතක් වන ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් මියගොස් තිබෙනවා.
සිය මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගිය මෙම පාසල් සිසුවා එක් වරම දියේ ගිලී ඇති අතර පසුව ඔහු කඩිනමින් ගොඩට ගෙන ඒමට කටයුතු කර ඇති මුත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.
184 Views
Comments