හෙරොයින් සමග 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ අරමුණින් හෙරොයින් ග්‍රෑම් 25 යි මිලිග්‍රෑම් 500 ක් ළඟ තබාගෙන සිටි 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හම්බන්තොට කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විදුර නාථ දිසානායක මහතාගේ අධීක්‍ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී කුමාර කුලරත්න මහතාගේ උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
කොස්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ගොඩපිටිය - හේගල්ල මාර්ගයේ සිරි නිවාසරාම විහාරස්ථානය අසලදී විශේෂ කාර්ය බළකායේ අහුන්ගල්ල උප කඳවුරේ පොලිස් සැරයන් 66847 දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදු කර ඇත.
අහුන්ගල්ල උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා එම පුද්ගලයාව කොස්ගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
192 Views
Comments