දෙමටගොඩ චමින්ද කල්ලියේ තදයෙක් විශේෂ කාර්ය බලකා දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

දෙමටගොඩ චමින්ද කල්ලියේ තදයෙක් විශේෂ කාර්ය බලකා දැලේ

දෙමටගොඩ චමින්ද කල්ලියේ තදයෙක් විශේෂ කාර්ය බලකා දැලේ

ලංකාවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

ඒ විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ය.

 

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක් වන අතර ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරිනායක පතිරණගේ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා වන මලීෂ නමැත්තාගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවට අනාවරණය වී ඇත.

 

 

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25 ක් අඩංගු පැකට් 400 ක් හමු වී ඇති අතර සැකකරු සහ හෙරොයින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

views

360 Views

Comments

arrow-up