රජයේ නිලධාරීන් විදෙස් රැකියා සඳහා යොමු කිරීම කඩිනම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

රජයේ නිලධාරීන් විදෙස් රැකියා සඳහා යොමු කිරීම කඩිනම් කෙරේ

රජයේ නිලධාරීන් විදෙස් රැකියා සඳහා යොමු කිරීම කඩිනම් කෙරේ

රජයේ නිලධාරීන් විදෙස් රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරවීම හා ඊට සම්බන්ධ ආයතන මුහුණ දී ඇති ගැටළු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ රාජ්‍ය නිළධාරීන් අතර පසුගිය දා පැවැත් වී තිබෙනවා.

අයදුම් කර ඇති රාජ්‍ය සේවකයන් සඳහා කඩිනමින් විදේශ රැකියා අවස්ථා සොයා ගැනීම හා අයදුම්පත් අදාළ පාර්ශව වෙත යොමු කිරීම මගින් විභවයක් පවතින විදේශ රැකියා කාණ්ඩ හදුනා ගැනීම හා ඉලක්ක කණ්ඩායම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

එසේම රාජ්‍ය නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය පහසු කිරීම සඳහා අංක 14/2022 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මෙන්ම තවත් කරුණු හයක් පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.

views

229 Views

Comments

arrow-up