AUG
13
ඇමැති හරීන් හා ඇමරිකානු තානාපති අතර හමුවක්

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ ඇමරිකාවේ මෙරට තානාපති ජූලි චන්ග් අතර හමුවක් පැවැත්වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය පුනර්ජීවනය කිරීමේ ක්ෂණික හා දිගුකාලීන සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ ඇති ස්වභාවික සෞන්දර්යය සහ සිත් ඇදගන්නාසුලු සංස්කෘතිය තවත් ඇමරිකානුවන් සමග බෙදා ගැනීමට තමන් උනන්දු වන බව ද එහිදී තානාපතිවරිය ප්‍රකාශ කර තිබෙනවා.
219 Views
Comments