අලි ඇතුන්ටත් වෛද්‍ය සායනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

අලි ඇතුන්ටත් වෛද්‍ය සායනයක්

අලි ඇතුන්ටත් වෛද්‍ය සායනයක්

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගී වන අලි ඇතුන් සඳහා විශේෂ වෛද්‍ය සායනයක් අද  (06) මහනුවර ශ්‍රී දළදා මාලිගාව සහ සිව් මහා දේවාල පරිශ්‍ර වලදී පැවැත්වුණි.

 

අලි ඇතුන්ට පවතින විවිධ රෝග, තුවාල, ආසාත්මිකතා සහ විවිධ නිදන්ගත රෝග සම්බන්ධයෙන් මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇත.

 

මෙම වෛද්‍ය සායනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන්ගේ සහ සිසුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සඳහන් කළේ පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් අලි ඇතුන්ගේ පාද ආශ්‍රිතව හට ගත හැකි රෝගාබාධ සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ බවයි.

 

views

287 Views

Comments

arrow-up